විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා සමාජ මාධ්‍යය හරහා පළ කිරීම වළක්වමින් හිටපු පළාත් සභා මන්ත්‍රී හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජික හිටපු පළාත් සභා මන්ත්‍රී ඉන්ද්‍රානන්ද ද සිල්වාට කොන්දේසි සහිත වාරණ ආඥාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (16)නිකුත් කළේය.
විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා විසින් 2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඉන්ද්‍රානන්ද ද සිල්වා විත්තිකරු කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ ආඥාව ලබන 30 දින දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නිතීඥ සංජේ රාජරත්නම්, නීතීඥ සුදත් ජයසුන්දර මහත්වරුන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය.
ජනාධිපති නිතීඥ සංජේ රාජරත්නම් මහතා කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරු විසින් පැමිණිලිකාර අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත කරුණු මාධ්‍යයට ඉදිරිපත් කරමින් සිටින බවය.
එම අසත්‍යය සහ ද්වේශ සහගත කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ ද උඩුගත කරමින් සිටිනබව වැඩිදුරටත් සඳහන් කළේය.