මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.
පේරු රාජ්‍යයේ ජාතික පක්ෂය පිහිටුවීමේ පුරෝගාමීන් ලෙස සැලකෙන්නේ ඔලන්ටා සහ බිරිඳය.
ඔලන්ටා හුමාලා 2006 සහ 2011 වසරවල මැතිවරණ ව්‍යාපාර සඳහා අරමුදල් සොයා ගැනීම කර ඇතැයි පැවැසෙන්නේ බ්‍රසීලියානු ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්‍රෙක්ට් හරහාය.
මෙම අරමුදල් රැස් කිරීම කර ඇත්තේ නීති විරෝධී අයුරින් යැයි මේ වනවිට තහවුරු වී ඇත.