මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, යාවලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු,උතුරු – මැද වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් තරමක තද සුළං ඇති විය හැකියි.
සූර්යයා අද දහවල් 12.11ට ආඩියකුලම්, වෙප්පන්කුලම්, පදවිය සහ කුච්චවේලි යන ප්‍රදේශවලට හිරු මුදුන්වනු ඇත.