සිය දීමනා කප්පාදු කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා සාධාරණ විසඳුමක් දෙන ලෙස පාර්ලිමේන්තු සේවකයෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් පසුගිය 8 වැනිදා ඉල්ලීමක් කළහ.
ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලන බව ජනාධිපතිවරයා එහිදී ප්රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
එම සේවකයන් මෙම ඉල්ලීම කර ඇත්තේ ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අවස්ථාවේදීය. පාර්ලිමේන්තු සේවකයන්ට මෙතෙක් හිමි වූ සියයට හැත්තෑවක දීමනාව සියයට තිස් එකක් දක්වා අඩු කර ඇතැයි එම සේවකයෝ පෙන්වා දෙති.
එසේම කාලයක් තිස්සේ හිමිවූ නිවාඩු හිලව්දීමනාවද කප්පාදු කර ඇති බව ඔවුහු සඳහන් කරති.පාර්ලිමේන්තු සේවකයන් විසින් මේ පිළිබඳව කතානායකවරයාටද පාර්ලිමේන්තු ප්රධානීන්ටද මීට පෙර පැමිණිලි කෙරිණ.