අධිකරණය නියෝග අනුව වරෙන්තුකරුවන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු නොකරන්නේ නම් තවදුරටත් වරෙන්තු නියෝග නිකුත් කිරීමෙන් පලක් නොමැති බව පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආර් එස්. එස්. සපුවිද මහතා සාක්ෂිකාර පොලිස් නිලධාරියකුට වරෙන්තු කරන්නැයි නීතිපතිවරයා කළ ඉල්ලීම ඊයේ (17) ප්රතික්ෂේප කළේය.
සාක්ෂිකරු අධිකරණයට රැගෙන ඒම පැමිණිල්ලේ වගකීම බව අවධාරණය කර සිටි මහාධිකරණ විනිසුරුවරයා අධිකරණ නියෝග ක්රියාත්මක නොකරන මේ රට යන්නේ කොහෙටදැයි ප්රශ්න කළේය.
හිටපු පොලිස්පති දේශබන්දු සමග මාතර මහේස්ත්රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා ඇති උප පොලිස් පරීක්ෂක මධුරංග නමැති සාක්ෂිකරුට මෙසේ වරෙන්තු නිකුත් කිරීම ප්රතික්ෂේප කළේය.