මලයගම් ජනතාව සමග එක්ව මෙවර ජාතික වෙසක් උත්සවය අනුව නුවරඑළිය කේන්ද්‍ර කර ගනිමින් සමරන බව බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“ඉදිරි වෙසක් උත්සවය වෙනුවෙන් අප රුපියල් මිලියන 12ක් වෙන් කර තිබෙනවා. මෙවර ජාතික වෙසක් උත්සවය තිබෙන්නේ නුවරඑළියේ.”කලණ මිතුරන් ඇසුරු කරන්න” යන්න මෙවර වෙසක් උත්සවයේ ජාතික තේමාවයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.