පසුගිය දා ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ ජබොස්ලේන් ප්රදේශයේ දී තරුණයින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරේදා (15) අලුයම මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ග්රෑන්ඩ්පාස් පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (16) රාත්රියේ දී වැල්ලම්පිටිය ප්රදේශයේ දී අවුරුදු 16ත් 44ත් අතර වයස්වල පසුවන තරුණයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් සන්තකයේ තිබී අපරාධයට යොදා ගත් බවට සැකකරන මන්නා පිහි 02ක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇත.
ග්රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.