මුහුණු පොතෙන් එකතු වූ තරුණ තරුණියන් පිරිසක් එක්ව බියගම ප්‍රදේශයේ හෝටලයක් තුළ සංවිධානය කර තිබූ සාදයක් වටලා 29 දෙනකු අද (16) උදෑසන අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි
මෙම සාදය ඊයේ (15) දින රාත්‍රී කාලයේදී ආරම්භ කර ඇත.
මධ්‍යම රාත්‍රී කාලයේදිත් අධික ශබ්දයක් නගමින් ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි අදාළ හෝටලය තුළ සාදයක් පැවැත්වෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් ගොස් අදාළ පරිශ්‍රයට පමණක් ඇසෙන පරිදි සාදය පවත්වන ලෙස දැනුම් දී තිබූ නමුත් ඒ පිළිබඳව නොසලකා හැර අදාළ පිරිස අලුයම වන තෙක්ම ඝෝෂාකාරී ශබ්ද නගමින් එම සාදය පවත්වා තිබූ බවද පොලිසිය පවසයි.
ඒ අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට එහි සිටි පුද්ගලයන් තිදෙනෙකු සන්තකයේ තිබී මත්වීමට යොදාගන්නා මත්ද්‍රව්‍ය හමු වූ බවද පොලිසිය පවසයි අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 18 ත් 30 ත් අතර තරුණ තරුණියන් වන බවද පොලිසිය පවසයි