වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්යක්ෂවරයා ඉවත් කර, පොළොන්නරුව රෝහල් අධ්යක්ෂවරයා එම තනතුරේ, ආවරණ රාජකාරී සඳහා පත්කර තිබේ.
මෙම පත්කිරීම සිදුකර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසිනි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු වෛද්‍ය දුලාන් සමරවීර මහතාගෙන් අප කළ විමසීමකදී, ඒ මහතා සඳහන් කළේ මේ පිළිබඳව කිසිවක් තමන් නොදන්නා බවයි.