හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී ඊයේ අනාවරණය විය.
මෙමගින් විශාල මුදල් නාස්තියක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතිකා ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ ඒ වෙලාවේ මිල සහතිකයේ සඳහන් කර තිබෙන්නේ නිෂ්පාදකයා දුන් මිල ගණන් බවයි.
එය නිවැරදිද අනෙක් රටවල ඒ මිල ගණන් නිවැරදිද යන සංසන්දනයක් 2019 වසරේදි සිදුවී නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.
මේ තොරතුරු අනාවරණය වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්ය සාධනය පිළිබඳව කරුණු විමසීම සඳහා එම අධිකාරියේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා කැඳවූ අවස්ථාවේදීය.
එමෙන්ම ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පා හදිසි ඖෂධ මිලදී ගැනීමට මුවා වී කළ වංචාවලට අදාල ලැබුණු පැමිණිලි විමර්ශනය කර නැති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් එම කමිටුව හමුවේ ප්‍රකාශ කරඇත.
මෙහිදී ඖෂධ නියාමන අධිකාරියේ වැරැද්දක් සිදුවී ඇති බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.