රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා අම්බලන්ගොඩදී පැවසීය.
නියෝජ්‍ය ඇමතිවරයා එසේ පැවසුවේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති අම්බලන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ මුලසුන හොබවමිනි.
මෙම 15 වැනිදා රිලවුන් හා වඳුරන් වැනි වගා හානි කරන වන සතුන් පිළිබඳ සංගණනයක් රට පුරාම පැවැත්වෙනවා. වගා අස්වනුවලින් සියයට තිහක් හතළිහක් අතර ප්‍රමාණයකට වන සතුන්ගෙන් හානි වෙනවා. මේක අද හාස්‍යයට ලක් කරන අයගෙන් විසඳුමක් ඇහුවාම ඒවාට පිළිතුරු නැහැ.
බල්ලන්ගේ ප්‍රශ්නයක් තියෙනවා.මේ වගා හානි කරන රිලව් වඳුරන් වැනි සතුන් දූපතකට හරි ගෙන ගොස් දමා මිනිස්සු අර අවුරුද්දකට සැරයක් දානයක් දෙනවා වගේ දවසක් දවසක් ගාන ගොස් ඒ සත්තුන්ට කෑම ටික දෙන වැඩපිළිවෙලකට අප යා යුතුයි.
මොනවා හරි විසැඳුමක් වැඩපිළිවෙළක් මේ ප්රශ්නය විසඳීමට අවශ්‍යයි. මේ වන සතුන්ගේ ප්‍රශ්නයට මීට වඩා හොඳ උත්තරයක් දෙන්න සූදානම් එය පිළිගන්න අපි කැමතියි.මේකට විසඳුමක් තියෙනවා නම් ඒක අහන්න අපි කැමතියි.