ඉදිරි යල කන්නයේ දි දකුණු පළාතේ පුරන් කුඹුරු අක්කර 17,000ක් නැවත වගා කිරිම සදහා සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.
මායිම් ගැටඵ, නඩු හබ නොමැති පුරන් කුඹුරු මේ වනවිට හදුනාගෙන ඇති බව සදහන් කළ ආණ්ඩුකාරවරයා පුරන් කුඹුරු අස්වැද්දිම සදහා දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් විශාල මුදලක් වෙන්කොට ඇති බවද පැවසීය.
මේ පිළිබද අදහස් දක්වමින් දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මහතා මෙසේද කිවේය.
‘ පුරන් කුඹුරු අක්කර 17,000ක් හදුනාගෙන තියෙනවා.එම පුරන් කුඹුරු නැවත වගාකිරිමට අවශ්‍ය ක්‍රියාවලිය මේ වනවිට සකස්කොට තියෙනවා. පුරන් කුඹුරු වල දත්ත ලිපිගොණුවල පමණක් තිබිලා වැඩක් නැහැ.‘