තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රියක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් මවක සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බව මාදම්පේ පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මීගමුවේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.
තලවිල සාන්තා ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වී ත්‍රී රෝද රථයකින් ආපසු මීගමුව බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරට පත් තීරෝද රථය තුළ ළමුන් ඇතුළු සත් දෙනකු ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි.