රුපියල් කෝටි 15000කින් අවසන් කිරීමට නියමිතව තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය දූෂණය වංචාව නාස්තිය සහ කල් මැරිල්ල හේතුවෙන් අද එය අවසන් කිරීමට කෝටි 35,000ක් වැය වන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිරි වසර පහේදී සම්පූර්ණයෙන්ම සාදා අවසන් කරන බව ද ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.