මහනුවර ප්රධාන දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග සංඥා හසුරුවන පොයින්ට්ස්මන් (සංඥා හසුරුවන්නන්) දෙදෙනාට කැබින් කාමරයේ නින්ද යාමත් සමග සිදුවන්නට ගිය මහා දුම්රිය අනතුරක් පොඩි මැණිකේ දුම්රිය රියැදුරාගේ දස්කමින් වලකා ගත්තේය.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයේ 3 වැනි වේදිකාවේ නවතා තිබූ වෙනත් දුම්රියක ගැටී සිදුවන්නට ගිය භයානක අනතුර දුම්රිය රියදුරාගේ දක්ෂතාවය නිසා බේරා ගැනීමට හැකි විය.
මෙම අනතුරක්වන්නට යන බව කලින් දුටු දුම්රිය ස්ථානයේ සිටි මගීන් එහේ මෙහේ දුව යාම නිසා කීප දෙනකු වැටී සුළු තුවාල ලබා ඇත.