ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම මහජනතාවගේ පහසුව තකා රාත්‍රී කාලයේදීද පවත්වන ලෙස රජයේ ඉහළ නිලධාරීන්ගෙන් යෝජනා වී ඇතත් ඒ සඳහා තේවාව භාර හිමිවරුන්ගේ අවසරය මෙතෙක් ලැබී නොමැති බව වාර්තාවේ.
අප්‍රේල් මස 18වැනි දිනසිට 27වැනි දින දක්වා දළදා දැක්ම පැවැත්වීමට නියමිත අතර වසර 16කට පසු උදාවන එම ස්වර්ණමය අවස්ථාවේදී පසුගිය වාර්තා ද සංසන්දනය කරමින් දළදා සමිඳුන් දැක වැඳ පුදා ගැනීම සඳහා බෞද්ධ බැතිමතුන් ලක්ෂ 22කට ආසන්න ප්‍රමාණයක් මහනුවරට එක් රොක් වනු ඇතැයි බලධාරීන් ගණන් බලා තිබේ.
එහෙත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අදහස වී ඇත්තේ දළදා දැක්මකදී දිනක් තුළදී වැඳ පුදා ගැනීම සඳහා අවස්ථාව හිමිවන්නේ බැතිමතුන් 60,000ක පිරිසකට ආසන්න ප්‍රමාණයකට බවයි.
කෙසේ හෝ දිනකට ලක්ෂයක බැතිමතුන් පිරිසකට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව ලැබුණත් ලක්ෂ 12ක ප්‍රමාණයකට වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව මගහැරී යන බැවින් රාත්‍රී කාලයේදී ද පෝලිම්වල බැතිමතුන් රැඳී සිටින හෙයින් රජයේ ඉහළ නිලධාරීන් රාත්‍රී කාලයේ දළදා දැක්ම පැවැත්වීම සඳහා යෝජනා ඉදිරිපත් කොට තිබේ. දළදා සමිඳුන්ගේ සවස තේවාවෙන් පසු එසේ දළදා දැක්ම පවත්වන්නැයි ඉල්ලා ඇත.