විදේශීය දූම්වැටි පැකට්ටුවක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රියා ජාතික කාන්තාවක අත්අඩංගුවට නොගෙන සිටීම සඳහා එම කාන්තාවගෙන් රුපියල් 50000/= ක මුදලක් සහ එම දුම් වැටි පැකට්ටුවක් බලෙන් ලබාගත් කොල්ලුපිටිය පොලිසියේ සැරයන්වරයකු ඇතුළු පොලිසියේ තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සෙසු නිලධාරීන් දෙදෙනා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු බව පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා ඉකුත් 4 වෙනි දින කොල්ලුපිටිය හන්දියේ මාර්ග බාධක රාජකාරියෙදීී සිටියදී ඕස්ට්‍රියා ජාතික කාන්තාව සහ ශ්‍රී ලාංකික මඟ පෙන්වන්නා ගමන් කරමින් සිටි තීරෝද රථය නවතා පරික්ෂා කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම අවස්ථාවේදී විදේශීය ජාතික කාන්තාව සතුව විදේශීය දුම් වැටි පැකට්ටුවක් තිබී ඇති අතර එම දුම්වැටි මෙරටල තුළ පාවිච්චි කිරීමට නොහැකි බවට දැනුම් දී ඒ සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට නොගෙන සිටීම සඳහා රුපියල් 100.000/= ක මුදල අල්ලස් ලෙස ඉල්ලා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව එම සැකකාර නිලධාරීන් විසින් විදේශීය ජාතික කාන්තාව සතුව තිබූ දුම්වැටි පැකට්ටුව සහ මුදල් රුපියල් 50000/= ක් ලබාගෙන ඔවුන් මුදා හැර ඇත.