යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පොලිස් නිලධාරියෙකු අද (05) දහවල් ලොරි රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබේ.
අටලුගම මහපල්ලිය අසලදී මෙම අනතුර සිදුවී තිබූ අතර ප්රදේශවාසීන් එක්වී පොලිස් නිලධාරියාව බණ්ඩාරගම ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ බණ්ඩාරගම පොලීසියට අනුයුක්තව සේවය කරන රණවීර නම් පොලිස් කොස්තාපල්වරයෙකි.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ රෝගියාගේ තත්ත්වය බරපතළ බවය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකය.