උතුරු දුම්රිය මාර්ගයේ වැල්ලව සහ ගනේවත්ත අතර මාර්ග කොටසේ පාළමක අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ මේ මස 9 වැනිදා දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර මහතා පැවසීය.
ඒ අනුව කුරුණෑගලින් පෙරවරු 8.20 ට මහව හන්දිය දක්වා ධාවනය කරන දුම්රිය සහ මහව හන්දියෙන් පෙරවරු 10.50 ට කුරුණෑගල දක්වා ධාවනය වන දුම්රිය මෙසේ අවලංගු කළ බවත් මෙම අවලංගු කිරීම නිසා මගී ජනතාවට වන අපහසුතාව සම්බන්ධයෙන් කණගාටු වන බවත් ජයසුන්දර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.