ත්රී රෝද රථයක රියදුරුට තාවකාලික රියදුරු බලපත්රයක් ලබා දුන්නැයි උරනව පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන් ගුවන් හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා කඳවුරට අයත් කරන්දෙනිය තල්ගහවත්ත ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
පිටකොටුව පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු සහ පොලිස් හදිසි ඇමතුම් අංශයට අනුයුක්ත විශේෂ රාජකාරී වාර්තා කර සිටි කොස්තාපල්වරයකු පිටකොටුව බෝධිය හන්දිය මුරපොළ අසල රථවාහන රාජකාරියේ යෙදී සිටියදී තීරෝද රථයක් නවතා එහි රියදුරුගෙන් බලපත්ර ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී රියදුරු සතුව රථයට අදාල බලපත්ර නොතිබී ඇති අතර පොලිස් නිලධාරීන් ඔහුට තාවකාලික රියදුරු බලපත්රයක් නිකුත් කිරීමට යාමේදී එම ත්රී රෝද රථයේ පිටුපස අසුනේ සිටි සැකකාර ගුවන් හමුදා සෙබලා ත්රී රෝද රථයෙන් බැස කලහකාරි ලෙස හැසිරී පොලිස් කොස්තාපල්වරයා පහර දී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.