හැටන් ෂැනන් වතුයායේ කේ.එමි කොටසේ ඊයේ රාත්රි 7.30 පමන හටගත් ගින්නෙන් එම වතු නිවාස 12 ක් සමිපූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලීසිය පැවසීය.
එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලට පැතිර ගිය බවයි ගින්නෙන් අවතැන්වු වතු කමිකරුවන් කියා සිටියේ .
ගින්නෙන් නිවාස 12 පදිංචිව සිටි පවුල් 20 ට අයත් සාමාජිකයන් පනස් දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව නතර කිරීමට වතු පාලන අධිකාරිය පියවරගෙන ඇත.
පැතිර ගිය ගින්න වතු කම්කරුවන් හැටන් දික්ඔය නගර සහාවේ ගිනි නිවන එකකයේ නිළධාරින් සහ හැටන් පොලීසියේ නිළධාරින් එක්ව පාලනය කළ අතර ගින්නෙන් වතුකම්කරුවන්ගේ පුද්ගලික බඩුබාහිරාදිය විනාශ වී ඇත.
ගින්නට හේතුව විදුලිකාන්දුවක් බවට සැකකරයි.