ඉන්ධන පිරවුන්හල් හිමියන්ගේ සියයට 3 ක කොමිස් මුදල කප්පාදු කිරීමට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන ඉන්ධන ඇනවුම් නොකිරීමේ ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් අද (2) පස්වරුවේ පැවසීය.
ඉන්ධන පිරවුම්හල් සතුව තිබූ ඉන්ධන තොග තවදුරටත් ජනතාවට බෙදාහරින බවත් එම තොග අවසන් වූ පසු හෙට (3) පෙරවරුව වන විට බොහෝ ඉන්ධන පිරවුම්හල්වල තොග අවසන්වනු ඇති බවත් එම නිලධාරියා කීය.
එම ක්‍රියාමාර්ගයට සමගාමීව රට පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් රාත්‍රීය 8.00 ට වසා දමන බව ද කී එම නිලධාරියා රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහෝමයක් මීට පෙර පැය 24 සේවා කාලයක් ඉන්ධන සැපයූ බව ද සඳහන් කළේය.
ඉන්ධන පිරවුම්හල්වලට සෙනසුරාදා දිනයේ ද ඇනවුම් කර තිබූ තොග ලැබුණු අද දිනයේ ඇණවුම් කර නොමැති බවත් එම නිලධාරියා කීය.
ඉන්ධන පිරවුම්හල් හිමියන් ද ව්‍යාපාරයක් කරන බැවින් ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව කී එම නිලධාරියා බලධාරීන් මෙම ගැටළුවට විසඳුම් දීම සඳහා හැකි ඉක්මණින් සාකච්ඡාවක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.