හිටපු කතානායකවරයා වාහන නවයක් පාවිච්චි කර ඇති බවත් එම වාහන නවයේ ඉන්ධන වියදම වශයෙන් පසුගිය වසරේ මාස නවයේදී තුන්කෝටි තිස් ලක්ෂයක් වැයකර ඇති බවත් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිටපු නියෝජ්‍ය කතානායකවරයාද වාහන හයක් පාවිච්චි කළ බවත් ඒවායේ තෙල් බිල ලක්ෂ එකසිය තිස් පහක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
හිටපු කතානායකවරුන් නියෝජ්‍ය කතානායකවරුන් කෑම ටික සහ කෑම අමුද්‍රව්‍ය ටික පවා හොරට බිල් දමා ගෙදර අරන් ගිය බව පැවසූ රත්නායක මහතා ඔබලා ළඟ සිටින්නේ එවැනි “තර්ඩ් ක්ලාස්” පුද්ගලයන් බවද ප්‍රකාශ කළේය.
වර්තමාන කතානායකවරයාගේ පසුගිය මාසයේ වියදම රුපියල් තිස්දහසක් බවද ඔහු කීවේය.
සභානායකවරයා මෙසේ පැවසුවේ ජනාධිපති අගමැති උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ඇතුළු ආයතන සහ පුද්ගලයන්ගේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.