පරිපාලන නිලධාරීන්ට විධායක ශ්‍රේණිය ලබාදීම සඳහා විටින් විට සකස් කළ සහ කැබිනට් මණ්ඩලය අනුමත කළ පත්‍රිකා 5 ක් එක්තරා ප්‍රබල වෘත්තීය සමිතියක බලපෑමෙන් ක්‍රියාත්මක කිරීම නතර වී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩු කිහිපයක් යටතේ සකස් කර තිබූ එම කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයෙන් අනුමතවී ඇතත් ක්‍රියාත්මක නොකිරීමට එම වෘත්ති සමිතියේ නායකයන් කටයුතු කරන කර තිබෙන බවද පැවසේ
පරිපාලන තනතුරු වන ප්‍රාදේශීය සභා ලේකම්, රෝහල් ලේකම් අධ්‍යාපන විද්‍යා පීඨ ලේකම්, කාර්මික විද්‍යා ලේඛකාධිකාරී අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවල පරිපාලන නිලධාරීන් මේ නිසා වසර 20 කට අධික කාලයක් තිස්සේ දැඩි අසාධාරණයට පත්ව සිටින බවද පැවසේ
මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේන මහතාගෙන් කළ විමසීමකදී මෙසේ සඳහන් කළේය.
ප්‍රාදේශීය සභා ලේකම් තනතුරු 276 ක තම සේවාවේ නිලධාරින් සිටියද ඔවුන්ට මීට පෙර හිමිව තිබූ විධායක ශ්‍රේණියේ උසස් වීම අහිමිකර තිබෙනවා.
ප්‍රාදේශීය සභාවල සහ රජයේ දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශවල ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්, පරිපාලන නිලධාරීන් වැනි ඉහළ වගකීම් රැසක් පරිපාලන නිලධාරීන් හොඹවන නමුත් ඔවුන්ට අහිමි කළ විධායක ශ්‍රේණිය නැවත ලබා නොදීමට එක්තරා ප්‍රබල වෘත්තිය සමිතියක් කටයුතු කරමින් සිටින බවද ධර්මසේන මහතා පැවසීය.