නැගෙනහිර පළාතේ සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (27) දිනයේ අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
නැගෙනහිර පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ලබාගැනීම සඳහා නැගෙනහිර පැළාතේ ප්‍රධාන ලේකම්වරයා සමග පසුගිය ජනවාරි මස 10 වන දින පැවැති සාකච්ඡාවේ දී එලැඹි එකඟතා කඩවීම මෙම විරෝධයට හේතුවී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සහ එහි ලේකම් සී.එස්. මුතුකුඩ යන මහත්වරුන් නිවේදනයට අත්සන් තබා ඇත.