විදේශයන් හි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන පිරිස් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒම සඳහා රාජතාන්ත්‍රික මට්ටමේ කටයුතු ආරම්භ කර ඇතැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය ව්‍යාපාර මුලික කරගෙන පාතාල ක්‍රියාකාරකම් මතුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
පොලිස්පතිවරයා මෙසේ පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.
මේ අතර විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන ලෙසට කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් කාරක සභාවේදී දීර්ඝව සාකච්ඡා කෙරිණ. එම මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් මන්ත්‍රීවරුන්ට අැති තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය කරමින් අවසන් වාර්තා සකස් කරමින් පසුවන බවත් කාරක සභා සභාපති මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙහිදී පැවසීය
තක්සේරු වාර්තා ලැබීමෙන් පසු මන්ත්‍රීවරැන්ට ආරක්ෂාව අවශ්‍යනම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බව කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
මෙම රැස්වීම සඳහා ගරු අමාත්‍යවරුන්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන්, අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඇතුළු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.