අවමගුලක් පැවැති නිවසක ඛූරු පිටියක ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව නිවසකට ඇතුළුව සිදුකල පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක ඊයේ (11) ප්රතිකාර සඳහා මාරස්සන රෝහලට හා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව තලාතුඔය පොලීසිය සඳහන් කරයි .
අවමගුල පැවති නිවසට යාබද ස්ථානයක රාත්රී කාලයේ බූරු පිටියක පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසුව පහරකෑමට ලක්වූ පුද්ගලයා තමන්ට පහරදුන් පුද්ගලයාගේ නිවසට පැමිණ එම නිවසේ දේපල වලට හානි කර පහරදුන් පුද්ගලයාගේ පියාට පහරදී තිබේ.
පසුව නිවසේ රැඳී සිටි පිරිස එම පුද්ගලයාගේ හිසට එල්ල කල පහරදීමකින් ඇතිවූ කැපුම් තුවාල හේතුවෙන් මාරස්සන රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා මෙලෙස මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත .
ෙතලාතුඔය පොලිස් බල ප්රදේශයට අයත් අගලවෙල ගම්මානයේ දෙපිරිසක් අතර මෙම ආරවුල ඇතිව තිබෙන අතර පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ මව හා නිවෙස් හිමියා මේවනවිට මාරස්සන රජයේ රෝහලේ ප්රතිකාර ලබන බව තලාතුඔය පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි .