නවම් පුර පසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කීපයක් සිදු වී තිබීම නිසා නවම් පුර පසළොස්වක පොහොය වැදගත් කොට සැලකේ.
ඒවා අතර සැරියුත් මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්රාතිමෝක්ෂය දේශනා කිරීම, සහ බුදුරදුන් ආයු සංස්කාරය කිරීමද වේ.
බුදුරදහු රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන විට උපතිස්ස සහ කෝලිත යන යහළුවන් දෙදෙනා දෙසිය පනහක් පිරිස සමඟ එහි පැමිණ සැරියුත් මුගලන් නමින් පැවිද්ද ලබා ගැනීම වැදගත් සිදුවීමකි .
බුදුරජාණන් වහන්සේ එහිදී ඒ වන විටවැඩ විසූ 1250ක් පමණ වූ භික්ෂූන්වහන්සෙලා එක් තැනකට රැස්කොට ඒ සියලු දෙනා වහන්සේලා අතුරෙන් සැරියුත් මුගලන් දෙනමට සියසසුනෙහි අග්‍රශ්‍රාවක තනතුර පිරිනැමුහ.
අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන් ඇතුළු කලින් පැවිද්ද ලබා රහත් භාවයට පත් භික්ෂූන් වහන්සේලා සිටියදී මෙසේ සැරියුත් මුගලන් දෙන මට අග්‍රශ්‍රාවක තනතුරු පිරි නැමීම සිදුකළේ වෙනත් හේතු හේතුවක් නිසා නොව උන්වහන්සේලා ඒ සඳහා අතීතයේ වැඩ සිටි අනෝමදස්සි බුදුරදුන් හමුවේදී විවරණ ලබා ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී ධර්ම සම්පූර්ණ කරමින් පැමිණි නිසා බව මෙහිදී බුදුරදුන් වදාළහ.
බුද්ධත්වයේ සිට විෂය අවුරුද්දක කාලය ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ ප්‍රථම බෝධි කාලය වශයෙනි. මේ අවධියෙහි සංඝ සමාජය මනා වූ විනයකින් හා සංවරයකින් යුක්තව පැවතිණි ඒ නිසා හික්මීම සඳහා විශේෂ විනය ශික්ෂාපද පැනවිය යුතු නොවීය මෙයට ප්‍රධාන හේතුව දීර්ඝ කාලයක් සංසාරයෙහි කුසල දහම් සම්පූර්ණ කරමින් බුදුරදුන් හමුවේදී නිවන් අවබෝධ කරගැනීම සඳහා ප්‍රාර්ථනා තබාගෙන පැමිණි බොහෝ අය සසුන්ගත වී සිටීමය එක් බණ පදයක් කන වැටීමත් සමඟම බොහෝ අය මගඵල ලබා ගැනීමට ප්‍රධාන හේතුවද එය විය.
සෑම බුදුවරයෙකුගේම ආරම්භක අවධියේ සංඝ සමාජය තුළ පැවති මනා සංවරය නිසා ඕවාද ප්රාතිමෝක්ෂය පමණක් නිරන්තරයෙන් දේශනා කිරීම සිරිතක්ව පැවතිණි .ගාථා තුනකින් යුත් එයින් දැක්වෙන්නේ අකුසල ක්‍රියාවන්ගෙන් ඉවත්ව ඉවසීම ප්‍රගුණ කරමින් සිත පිරිසිදු කොට ගෙන නිවන් අවබෝධ කිරීමේ ප්‍රතිපදාවේ උනන්දුවෙන් ක්‍රියා කිරීමේ අගයය.
බුද්ධත්වය ලැබීමෙන් අනතුරුව එළැඹි පළමු වන නවම්පුර පසළොස්වක පොහෝ දිනයේ දී මේ ඕවාද ප්රාතිමෝක්ෂය දේශනා කිරීම සංඝ සමාජය වඩාත් අර්ථවත් භාවය පත්වීම පිණිස හේතු විය
බුද්ධත්වයෙන් පන්සාලිස් වසර සම්පූර්ණ වීමට තෙමසක් තිබියදී චාපාල චේතිය නම් ස්ථානයේ වැඩ විසූ බුදුහු ඡන්ද චිත්ත වීරිය වීමංස යන සතර සෘර්දිපාද වැඩහුවට කැමතිනම් ආයු කල්පයක් වැඩ විසිය හැකි යැයි ආනන්ද හිමියන් අමතා ප්‍රකාශ කළහ .
එයින් අදහස් කරන ලද්දේ ඒ වන විට මනුෂ්‍යයාගේ පරම ආයුෂ ප්‍රමාණය ජීවත්වීමට හැකි බවයි බුද්ධඝෝෂ හිමි ඇතුළු සමහර අටුවාචාර්යවරයො සඳහන් කර ඇත බව පැවසේ.. එහෙත එපමණ කාලයක් වැඩ සිටින්නයි ආරාධනා කිරීමට ආනන්ද හිමියන්ට සිහි එළවා ගත නොහැකි විය අනතුරුව එහි පැමිණි මාරයා ඉතා ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත , ධර්මධර භික්ෂූන් ඇතිවන තෙක් පිරිනිවන් නොපාන බවට කලින් ප්‍රතිඥා දී තිබී නමුත් දැන් ඒ සියල්ල සම්පූර්ණ වී ඇති හෙයින් පිරිනිවන් පා වදාරන්නයි අය ද සිටියේය.
නවම් පුර පසළොස්වක පොහොය දෙන අද වැනි දිනෙක මාරයා කළ එම ඇරීම පිළිගත් බුදුරජාණන් වහන්සේ තවත් එමසකින් පිරිනිවන් පාන බවට පොරොන්දු වූහ.
මේ අන්දමට පිරිනිවන් පෑම සඳහා කාලේ සීමා කර ගැනීම ආයු සංස්කාරය කිරීම වශයෙන් හැඳින්වේ.
(සාසන ඉතිහාසයේ සඳහන් මෙම ධර්ම කරුණු ලබාදුන් ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධ ආයතනාධිපති ්රිපිටකාචාර්ය ය පූජ්‍ය පාද දිවියා ගහ යසස්සී නාහිමියන් වහන්සේට අපගේ කෘතඥතාවය පළ කරමු.)