පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ශ්රී ලංකාවේ නිල සංචිත ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065 දක්වා සියයට 0.9 ක ප්රතිශතයකින් එසේත් නැතිනම් ඩොලර් මිලියන 57 කින් පහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි.
මෙරට නිල සංචිත දෙසැම්බර මාසයේදී ඩොලර් බිලියන 6.12 ක් ලෙස සටහන් වූ අතර මෙලෙස සියයට 0.9 කින් නිල සංචිත පහළ යෑමට පසුගිය මාසයේදී මෙරට විදේශ විනිමය සංචිත සියයට 1 කින් අඩුවීම ප්රධාන වශයෙන් හේතු වී ඇතැයි මහ බැංකුව ප්රකාශ කළේය.
පසුගිය මාසයේදී මෙරට විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 6.04 සිට 5.98 දක්වා පහත වැටී තිබිණි. මෙරට නිල සංචිත වලට කොන්දේසි සැපිරීමෙන් පසුව භාවිතයට ගත හැකි විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ චීනය මෙරටට ලබාදුන් ඩොලර් බිලියන 1.4 ද ඇතුළත් වන බව ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශ කළේය.
මෙරට සංචිත අඛන්ඩව පහළ ගිය තෙවැනි මාසය පසුගිය ජනවාරි මාසය වූ අතර පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මෙරට නිල සංචිත සුළු වශයෙන් පහළ යමින් පවතී.