කල් ඉකුත් වූ රට ඉඳි තොගයක් අළෙවියට සූදානම්කර තිබියදී පිටකොටුව පරනයොන්වීදියේ වෙළඳ සැලකින් පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්රික් වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට
ගෙන තිබේ.
ඊයේ (8) සිදු කළ වැටලීමකදී සොයා ගනු ලැබූ කිලෝ 220 ක් පමණ වන මෙම රට ඉඳි තොගයේ නිෂ්පාදිත වර්ෂය වෙනස් කර අළෙවියට සූදානම්කර තිබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.
මේ සම්බන්ධව එම ව්යාපාරික ස්ථානයේ අධ්යක්ෂ මණ්ඩලයට විරුද්ධව ලබන සතියේ මාලිගාකන්ද අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි ද අධිකාරිය සදහන් කරයි.