සාකච්ඡාවට භාජනය වී ඇති ජල පිරිපහදුවට භාවිත කරන හුණු තොගය පවිත්රීකරණ ක්‍රියාවලියකට යොදාගෙන නොමැති බවත් විශාල පිරිවැයක් දරා සපයන ජලය පිළිබඳව කිසිඳු බියක් ඇති නොකරගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම හුණු තොගය ජල සම්පාදන මණ්ඩලයේ තොගවලට භාරගෙන නොමැති බවත් ඒ හේතුවෙන් එම හුණු පිළිබඳව කිසිඳු බියික් නොවිය යුතු බවත් එම මණ්ඩලය කියයි.
සෞඛ්‍ය සම්පන්න ජාතිකයක් බිහිකිරීම සඳහා කැපවී සිටින ජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලය සෞඛ්‍යයට හානිවන කිසිඳු ද්‍රව්‍යයක් පිරිපහදුකරණයේදී භාවිත නොකරන බව කියන එම මණ්ඩලය එදිරියට ද එසේ ක්‍රියා කරන බවට සහතික වන බව ද වැඩිදුරටත් සඳහන් කරයි.