මන්නාරමේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ටෙන්ඩරය ලබාදීමට සුදුසුකම් සහිත සමාගමට ලබා නොදී දේශපාලන හිතවත්කම් මත වෙනත් ප්‍රසිද්ධ සමාගමකට ලබා දීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇතැයි වාර්තාවේ.
එම ප්‍රසිද්ධ සමාගම ඉදිරිපත් කර තිබූ අඩුපාඩු ගණනාවක් හේතුවෙන් මුල්වටයේ අනුකූලතා පරීක්ෂණයේදීම ප්‍රතික්ෂේප වී තාක්ෂණික ඇගයීමට පවා ලක් නොකළ සමාගමක් බවද පැවසේ.
එම බලාගාර ව්‍යාපෘතිය සඳහා සමාගම් පහක් ටෙන්ඩර්පත් ඉදිරිපත් කර තිබූ අතර ඉන් සමාගම් දෙකක් මුල් වටයේදීම ප්‍රතික්ෂේප වී තිබිණ.
එම ප්‍රතික්ෂේප වූ සමාගම් දෙකට මේ වන විට ටෙන්ටරය ලබාදීමට කටයුතු කරන සමාගම අයත් වීමද විශේෂත්වයකි.