හදිසියේ විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා පාසල් ක්‍රීඩා සංගම් ඇතුළු පාසල් බලධාරීන් පාසල් දරුවන් යොමු කිරීමෙන් එම දරුවන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි අපහසුතාවට පත්වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ක්‍රීඩා ඉසව් ඇතුළු විවිධ වැඩසටහන්වලට විදේශගතවීම සඳහා පාසල් දරුවන්ට පැය කීපයකින් විදේශ ගමන් බලපත්‍රය යොමු කරන ලෙස පාසල් බලධාරීන් නිර්දේශ කරන බවත් ඒ අනුව එම දරුවන් විදේශ ගමන්බලපත්‍ර ගැනීමට අවශ්‍ය මූලික ලිපි ලේඛණ පවා නොමැතිව බත්තරමුල්ල ආගමන විගමන පොර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට පැමිණෙන බවත් එම දෙපාර්තමේන්තුව කීය.
ඇතැම් දරුවන් කාර්යාල වේලාවෙන් පසුව ද එම කාර්යාලයට පැමිණ හඩාවැටෙන බව කියන එම දෙපාර්තමේන්තුව එම අවස්ථාවලදී නිලධාරීන් ද දැඩි සංවේදී වී අපහසුතාවට පත්වන බව ද සඳහන් කරයි.