‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.එම්. කොඩිතුවක්කු මෙනවිය ඔහුට රුපියල් කෝටි 25ක වන්දියක් ගෙවීමට හිටපු ඇමති සී.බී. රත්නායක මහතාට ඊයේ නියම කළාය.
පෞද්ගලික නාලිකාවකට මීට වසර 08කට පෙර කළ ප්‍රකාශයකින් සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ දිසා විනිසුරුවරිය අදාළ වන්දිය නියම කළාය.
තමාට කල අපහාසට වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මීට වසර 07කට පමණ පෙර ගල්කිස්ස දිසා අධිකරණයේ නඩු පවරා තිබිණී.
තමා බැදුම්කර ‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බවට වගඋත්තරකාර අමාත්‍ය සී.බී. රත්නායක මහතා මාධ්‍යයට කළ ප්‍රකාශයක් එම මාධ්‍ය මඟින් එදින ප්‍රචාරය කර ඇතැයිද සී.බී. රත්නායක මහතා මාධ්‍යයට කළ එම ප්‍රකාශය අසත්‍ය යැයිද සඳහන් කරන පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා තමා සම්බන්ධයෙන් කළ එම අසත්‍ය ප්‍රකාශය මාධ්‍යයේ පළවීමෙන් තමන්ට අපහාසයක් වී ඇතැයිද සඳහන් කර ඇත.