ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, ඔහු හමුවීමට පැමිණි පළමු රාජ්‍ය නායකයා නෙදන්යාහුය.
පලස්තීන ගාසා තීරයේ ඊශ්‍රායල හමාස් අර්බුදය සහ බටහිර ඉවුරේ පලස්තීනුවන් සම්බන්ධයෙන් ඇති අර්බුදය රාජ්‍ය නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවට බදුන් විය.
පලස්තීනුවන්ට ජෝර්දානයේ වෙනම ඉඩම් ලබා දීමට ට්‍රම්ප් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු විය.
මේ වනවිට ඊශ්‍රායල රජය සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් පවතී. එම සටන් විරාමය සාර්ථක කර ගැනීම සිදුවූයේ තම මැදිහත් වීම නිසා යැයි ට්‍රම්ප් පවසා ඇත.
ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු නොවේදැයි ධවල මන්දිරයට පැමිණ සිටි එක් මාධ්‍යවේදියකු ට්‍රම්ප්ගෙන් විමසූ අවස්ථාවේ, ට්‍රම්ප් පිළිතුරු දුන්නේ ‘ඔව්, මට නොබෙල් සාම තෑග්ග හිමිවිය යුතුයි. ඒත් මම දන්නවා මට ඒක දෙන්නේ නැහැ’ යනුවෙනි.