අම්බලන්තොට රුහුණු රිදියගම දියවර ගම්මානයේ නිවසක අද දහවල් පිය පුතු දෙපළක සිදු වූ පිහිය ඇණුමකින් දෙදෙනාම තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත.
පුතා මව සමඟ ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් එය බේරිමට ගිය පියාගේ නලල ප්රදේශයට පිහියකින් ඇනීම නිසා තුවාල සිදු වි ඇති අතර, එම පිහියම ගෙන පියා පුතාගේ වම් ඇලයට අනීමෙන් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
පුතාගේ ඇඟේ වැදුනු පිහිය සමග දෙදෙනාම රෝහල් ගත කර ඇත. පුතාගේ ඇඟේ තිබෙන පිහිය ගැනිම සඳහා තුවාල කරු කරාපිටිය රෝහල වෙත මාරු කර යැවිමට නියමිත බව හම්බන්තොට රෝහල් ප්රකාශකයෙක් කිය.
මත් කුඩු වලට ඇබ්හි වි සිටි පුතා සිය නිවසේ ඇති රුපවාහිනි යන්ත්රය විකිණිමට ගෙන යැමට උත්සාහ කිරිමේ දි එයට විරෝධය පල කළ මව සමග ආරවුලක් ඇති කරගනිමින් සිටියදි පියා එම ස්ථානයට පැමිණ ඇත.
පුතාගේ අතේ තිබු පිහියෙන් පියාගේ නලල මතට ඇනීම නිසා තුවාල සිදු වි ඇති බවත්. පසුව පියාගේ අතින් පුතාගේ වම් ඇල පොත ප්රදේශයට පිහි පහර එල්ල වි ඇති බවත්, මූලික පරීක්ෂණවලින් හෙලි වි ඇතැයි පොලීසිය කියයි.