ආහාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රටපුරා ගබඩාවල ඇති ආහාර ද්‍රව්‍ය මෙට්‍රික්ටොන් 1,623 ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති බව ආහාර කොමසාරිස් උපුල් ශාන්ත ද අල්විස් මහතා ඊයේ (3) පැැවසීය.
සහල්, පරිප්පු සහ තෙල් ඇතුළු ද්‍රව්‍ය 2022 වසරේ සිට ගබඩා කර ඇති බවත් එම ද්‍රව්‍යවලින් ඉතිරිව තිබෙන මෙට්‍රික්ටොන් 1,623 ක ප්‍රමාණයක් 2024 ඔක්තෝබර් මස ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය සහ රසපරීක්ෂණ යන දෙපාර්තමේන්තුව වෙත තත්ව පරීක්ෂණකට යොමු කිරීමට තීරණ්ය කළ බවත් ඒ මහතා කීය.
එම තත්ව පරීක්ෂාවෙන් පසුව එම ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි ජනවාරි මස දැනුම් දී තිබූ බව කී අල්විස් මහතා ඒවායේ විදෙස් සහ දේශීය වශයෙන් ලැබුණු ද්‍රව්‍ය ගබඩා කර ඇති බව ද සඳහන් කළේය.
ලෝක ආහාර සංවිධානයෙන් ලැබුණු ආහාර ලබඩා කිරීමට වේයන්ගොඩ ගබඩාව නොමිලයේ සපයා ඇති බව කී ඒ මහතා පැවසුවේ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය සහ ලෝක ආහාර සංවවිධානය ඉදිරි පියවර පිළිබඳව දැන්වීමෙන් පසුව එම ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන බවත්ය.
ආහාර දෙපාර්තමේන්තුව යටතේ රටපුරා ගබඩා 103 ක් පාලනය බවත් සතොස, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව, රේගුව වැනි රාජ්‍ය ආයතනවලට එම ගබඩා සපයන බව ද ආහාර කොමසාරිස් උපුල් ශාන්ත ද අල්විස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.