ආයුර්වේද ඖෂධ මෙන් ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකරමින් නියාමනයකට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවේ නව සාමාජිකයන්ට උපදෙස් දුන්නේ.
අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එම පත්වීම් ලිපි ප්රදානය රාජගිරිය ආයුර්වේද ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී සිදුවිය.
ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවට සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානයෙන් අනතුරුව පළමු ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභා සැසිවාරය ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එහි දී පැවැත්විණි.
දේශීය ඖෂධ නිෂ්පාදනාගාර, දේශීය ඖෂධ වර්ග නිෂ්පාදනය, දේශීය ඖෂධ වෙළෙදසැල්, දේශීය වෛද්‍ය උපකරණ, දේශීය වෛද්‍ය රූපලාවන්‍ය නිෂ්පාදනය, දේශීය ඖෂධ ආනයනය සහ අපනයනය, දේශීය ඖෂධ ගබඩා කිරීම සහ ප්‍රවාහනය සහ දේශීය ඖෂධ කර්මාන්තයට අදාළ ඔසු වගාව යන අංශවල නියාමනය සඳහා වූ නීති ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාව යටතේ ආවරණය වේ.