වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්රදේශයේ පුද්ගලයන් තිදෙනකු කඩුවලින් සහ කැතිවලින් කපාකොටා පොලුවලින් පහරදී ඝාතනය කර ඇතැයි අම්බලන්තොට පොලිසිය පැවසීය .
මෙලෙස ඝාතනය කර ඇත්තේ අම්බලන්තොට ,මාමඩල , පදිංචි හෙට්ටිආරච්චිගේ ප්රභාත් ඉන්දික ( අවු: 29) ,හේවා කුමානායක රසික ප්රියදර්ශන (අවු:45) සහ මාධව උදයංග මල්ලිකාරච්චි ( අවු: 34) යන තිදෙනාය .
රසික සහ මාධව යන දෙදෙනා ප්රභාත් ඉන්දික යන අයගේ ඇලේගොඩ නැගෙනහිර පිහිටි නිවසේ සිටියදී අට දෙනෙකු ගෙන් පමණවූ සැකකරුවන් පිරිසක් කඩු,කැති,පොලු රැගෙන එම නිවසට කඩා වැදී පහරදී ඇතැයි පොලිසිය පැවසීය .
සැකකරුවන්ගෙන් පස් දෙනෙකු නිවසේ සිටි ප්රභාත් ඉන්දික යන අයගේ මව විසින් හදුනාගෙන ඇත. ඔවුන් මාමඩල ඇලේගොඩ බටහිර පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය .