හිටපු ඇමති අනුර ප්රියදර්ශන යාපා මහතාගේ බිරිඳ වන පෞද්ගලික ලේකම්වරියගේ ඉල්ලීම පරිදි පන්නල ඊරියගොල්ල ජනතාවට වියළි ආහාර මලු බෙදා දීමේ වැඩසටහනට ප්රතිපාදන ලබාදීම සඳහා කටයුතු කර රාජ්ය දේපළ අවභාවිතයට ආධාර අනුබල දුන්නේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්යක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණුවල මහතා අද (31) නියෝග කළේය.
රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සුසන්ත සිල්වා නැමැති සැකකරු මෙසේ ඇප මත මුදා හැරීමට නියමකළ මහේස්ත්රාත්වරයා සැකකරුට රුපියල් ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අතර විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝගග කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කියා සිටියේ මෙම පැමිණිල්ලේ පළමු සැකකරු වන්වන අනුරු ප්රියදර්ශන යාපා හිටපු ඇමතිවරයාගේ බිරිඳ වන දෙවැනි සැකකාරිය වන ශිරාණි ධම්මිකා සුමනරත්නගේ ඉල්ලීම පරිදි ප්රතිපාදන වෙන් කිරීමේ වවුචර පත් වලට අත්සන් තබා ඇත්තේ මෙම සැකකරු බවය.