77 වන නිදහස් දිනය වෙනුවෙන් පෙරහුරු කටයුතු හෙට (29) දිනයේ සිට ආරම්භ කරන බව පොලීසිය පවසයි.
ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට අදාළ පෙරහුරු කටයුතු ආරම්භ කිරීමට නියමිත ව තිබේ.
“ජාතික පුනරුදයට පෙළගැසුමු” යන තේමාව යටතේ මෙවර නිදහස් දිනය සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
මේ සඳහා යුද, ගුවන්, නාවික, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම සිවිල් ආරක්ෂක බළකා පෙළපාලිද පැවැත්වීමට නියමිතය.
ඒ අනුව මෙහි පෙරහුරු කටයුතු හෙට දිනයේ සිට එළැඹෙන 02 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද පොලීසිය සඳහන් කළේය.
පෙරහුරු පැවැත්වෙන කාල සීමාව තුළ කුරුඳුවත්ත පොලිස් වසමේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මාර්ග ආරක්ෂාව සහ රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසීය.
ඒ අනුව ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳ තොරතුරු පහත සබැඳිය ඔස්සේ ලබා ගත හැකිය.