පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දිනවල සිදු කල සහල් වැටලීම් වලදී වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙඳුන් 100 දෙනෙකු පමණ නීතියේ රැහැනට හසුකර ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි අධිකාරිය සදහන් කරයි.
මෙම වෙළෙඳුන් පාලන මිල ඉක්මවා සහල් කිලෝව රුපියල් 70 ,80, 20 හා 15 වශයෙන් වැඩි මිලට අලෙවි කර ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි අධිකාරිය පවසයි.
විශේෂයෙන් සහල් සම්බන්ධ වැටලීම් රාත්‍රී කාලයේදී හා නිවාඩු දිනවදි සිදු කරන ලෙස විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඈතෑයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්යක්ෂ (පාරිභෝගික හා තෙරතුරු) අසේල බණ්ඩාර මහතා පැවසීය.
කොළඹ, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන විශේෂ කණ්ඩායම් පහක් සහල් වැටලීම් සදහා ක්‍රියාත්මක වන බව ද අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.