ඇමෙරිකාවේ නව ජනපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සිය ප්‍රථම සම්මුඛ සාකච්ඡාවට පෙනී සිටිමින් ජනපති ට්‍රම්ප් හිටපු ජනපති ජෝ බයිඩන් විවේචනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජනපති ට්‍රම්ප් ෆොක්ස් පුවත්සේවය සමග සිය ප්‍රථම සම්මුඛ සාකච්ඡාවට පෙරේදා(22) ධවල මන්දිරයේදී සහභාගී වී ඇති බවත් එහිදී හිටපු ජනපති ජෝ බයිඩන් සිය ධුරයේ අවසන් දිනයේදී ඔහුගේ පවුලේ සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කීපදෙනෙකුට පූර්ව ජනපති සමාව ලබාදීම සම්බන්ධයෙන් විවේචනය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සිය පළමු ධුර කාලය අවසන් වීමට මත්තෙන් තමාටද මෙම අවස්ථාව ලැබුණු බවත් නමුත් එහිදී කිසිවෙකුට ජනපති සමාව ලබාදීමට අවශ්‍ය නැති බව තමන් ප්‍රකාශ කළ බවත් ජනපති ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත. කිසිවෙකු වරදක් කර නොතිබූ බැවින් එලෙස ජනපති සමාව ලබාදීමේ අවශ්‍යතාවයක්ද පැන නොනැගුණු බවද ට්‍රම්ප් එහිදී පැවැසුවේය.
තමාට රිදවීම සඳහා ප්‍රතිවාදීන් තම පවුලේ සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර තිබෙන බව පවසමින් බයිඩන්ගේ සහෝදරයන් ඇතුළුව පවුලේ සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කීපදෙනෙකුට පූර්ව ජනපති සමාව ලබාදුන්නේය.
” මේ මනුස්සයා හැමෝටම ජනපති සමාව දිදී ගියා නමුත් විහිළුවට කරුණනම් ඒක කණගාටුදායක දෙයක් වෙන්නත් පුළුවන් මේ මනුස්සයාට අමතක උනා එයාට ජනපති සමාවක් දී ගන්න” ජනපති ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවේදී පැවැසුවේය.