විදේශීය දුම්වැටි පහලොස් දහකට වැඩි ප්‍රමාණයක් ලක්ෂ 20කට ආසන්න මුදලකට අලෙවි කිරීම සඳහා කටයුතු කරමින් සිටිය දී පාලවිය ගුවන් හමුදා කදවුරු බුද්ධී නිළධාරින්ගේ තොරතුරකට පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරු නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීම අද(22)වන දින සවස සමත්ව තිබිණ.
මෙලෙස අදාළ විදේශීය දුම්වැටි තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පාලවිය පදිංචි 40 හැවිරිදි සැකකරුවෙකු බව කියයි.
පාලවිය ගුවන් හමුදා බුද්ධී නිළධාරීන්ට විසින් කාලයක් පුරා සිය බුද්ධි මෙහෙයුමකින් සනාථ කර ගත් සැකකරුවෙකුගෙන් අදාළ විදේශීය දුම්වැටි 15800 ක සංඛ්‍යාව මිලදී ගැනීම සඳහා උපාය දූතයින් යොඳවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදුව තිබිණ.
ගුවන් හමුදා බුද්ධි නිළධාරීන් පවසන්නේ අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් මෙම ජාවාරම කලක සිට ක්‍රියාත්මක කර ඇති බවයි.