ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේය.
පෙරදාතමින් යුතුව තම උසස් වීම් ක්‍රියාත්මක කිරීමට නියම කරන්නැයි ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු සහ දිලීප් නවාස් යන මහත්ම මහත්මීන්ගේ සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගැනීණ.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, නීතිපතිවරයා සහ ජාතික පොලිස් කොමිසම ඇතුළු 30 දෙනෙකු නම් කර ඇත.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්වීන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දිලිප් නවාස් මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර පෙත්සම්කරුවෝ 1990 සහ 1992 කාලයේදී පොලිස් සේවයට එක් වූ නිලධාරීන් බවත් ඔවුන් සිය සේවා කාලය තුලදී ම ලබාගෙන ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂක තනතුරු සඳහා උසස්වීම් පමණක් බවත් ස`ඳහන් කර ඇත.