එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා විසින් දිස්ත්‍රික් විමර්ශන අංශ වෙත දැනුම්දී ඇත.
මේ යටතේ ප්‍රධාන තොග අලෙවිසල් සහ ගබඩා ආදිය පරීක්ෂාවට ලක් කරමින් කල් ඉකුත් වූ හා තොරතුරු වෙනස් කරමින් භාණ්ඩ වෙළඳපොළට පැමිණීම වැළැක්වීමත්, උත්සව සමයේදී පාරිභෝගිකයින්ට සිදුවිය හැකි අසාධාරණයන් හා ගැටලු මගහැරවීම සදහාත් කටයුතු කරන ලෙසත් සුපිරි වෙළඳසල්ද ඇතුලුව සිල්ලර වෙළඳසල් හා ජංගම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කර වැටලීම් සිදු කරන ලෙසත් දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන්ට දැනුම් දී තිබේ.
තවද අත්‍යාවශ්‍ය භාණ්ඩවලට අමතරව ඇදුම් පැළදුම්, කල්පවතින භාණ්ඩ සහ විදුලි උපකරණ ආදිය උත්සව සමයේදී වැඩි ඉල්ලුමක් සහිතව අලෙවි වන බැවින් එවැනි වෙළඳසල් සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කරන ලෙසත් උත්සව සමය තුල සති අන්ත සහ රජයේ නිවාඩු දිනවලද වැටලීම් සිදු කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
මේ අතර උත්සව සමය තුල පාරිභෝගිකයින්ට ඇතිවන ගැටලු සම්බන්ධයෙන් 1977 දරණ දුරකථන අංකය අමතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම්දීමට පාරිභෝගිකයින්ට හැකියාවපවතින බවත් සභාපති හේමන්ත සමරකෝන් මහතා විසින් දැනුම් දෙනු ලබයි.