ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කොට යම් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත මේ වනවිට තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසුවේය.
මේ වන විට ඊශ්‍රායල ජාතිකයන් පන්සිය හැත්තෑ පස් දෙනකු මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදී සිටිනවා. විදෙස් බුද්ධි අංශ මගින් අනතුරු ඇඟවීම් ලැබුණු පසුව ඒ හා සමාන සංචාරකයන් පිරිසක් නැවත සිය රට කරා ගමන් කර තිබෙනවා.
ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් එසේ නැවත සිය රට බලා ගමන් කළ ද සංචාරකයන්ගේ අඩුවීමක් වී නැහැ. මේ වන විටත් ඊශ්‍රායල ජාතකයන් මෙරටට පැමිණෙනවා.
මෙම අනතුරු ඇඟවීම ජනාධිපතිවරණයෙන් පසුව සිදු වූවක් නොවන බවත් ජනාධිපතිවරණයට පෙර සිට සිට විදේශ බුද්ධි අංශ මගින් ලබා දී තිබූණා.
විදේශිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු රටවල් සෑහීමකට පත් වෙලා තියෙනවා. ඔවුන් අප රට තුළ විශ්වාසයක් ඇති වී තිබෙනවා. විදේශිකයන් ආරක්ෂා කරන් ගත යුතු සියලු ක්‍රියා මාර්ග ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් මේ වනවිට ප්‍රශ්න කරන බව ද ඔහු කීය.