පවතින වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.
පසුගිය සතියේදී පමණක් ඩෙංගු රෝගීන් 993 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
මේ වසරේ මේ දක්වා ඩෙංගු මරණ විස්සක් සිදුව ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
එහෙයින් මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර විනාශ කරමින් පරිසරය පවිත්‍රව තබා ගැනීමට ජනතාව දැඩි අවදානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරනවා.