ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට වසර 150ක් පිරීම නිමිත්තෙන් මුද්දර කාර්යාංශය විසින් රුපියල් 25.00 වටිනාකමකින් යුත් නව සමරු මුද්දර දෙකක් ඊයේ නිකුත් කර ඇත.අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සහ කැබිනට් අමාත්‍ය විජිත හේරත් මහතාගේ ඡායාරූප සහිතව එම මුද්දර දෙක නිකුත් කර තිබේ.අරලියගහ මන්දිරයේ දී මෙම උත්සවය පැවැත්විණි.

