තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි එම මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්රිෂාන්ත පතිරාජ මහතා පැවසීය.
තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් මේ වසරේ ජුනි මාසය දක්වා රුපියල් කෝටි කෝටි 7 ක්ද පසුගිය වසරේදී කෝටි පහක්ද මෙසේ උපයාගෙන ඇත.
තල් ආශ්රිත නිෂ්පාදන මෙරට අලෙවි කිරීමෙන් මේ වසරේදී රුපියල් හයකෝටි පනස් ලක්ෂයක් පමණ උපයාගෙන ඇතැයි පැවසූ සභාපතිවරයා කලින් නිෂ්පාදන ආදායම පැවැතියේ කෝටි තුනක් වශයෙන් බවද ප්රකාශ කළේය.
තල් ආශ්රිත නිෂ්පාදන වැඩි වශයෙන් අපනයනය කෙරෙන්නේ කැනඩාව නවසීලන්තය ඩූබායි එංගලන්තය වැනි රටවලටය.
තවත් රටවල් ගණනාවකට තල් ආශ්රිත නිෂ්පාදන හඳුන්වා දීමට සහ ප්රචලිත කිරීමට සභාපති ක්රිෂාන්ත පතිරාජ මහතා ඒ රටවල් සමඟ විශේෂ සාකච්ඡා වටයක් ආරම්භ කර ඇත.
මේ අතර ආයතනයේ දූෂණ වංචා සහ අක්රමිකතා හේතුවෙන් කෝටි හතරකට වැඩි වංචා පසුගිය කාලයේදී අනාවරණය කරගෙන ඒවාට සම්බන්ධ නිලධාරීන් දහයකට පමණ එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගෙන ඇති බවත් ආයතනය ලාභ ලබන තත්වයට ගැනීමට එය ප්රධාන වශයෙන් හේතු සාධකයක් වූ බවත් තල් සංවර්ධන මණ්ඩලය පවසයි.